Questions? +1 (202) 335-3939 Login
Trusted News Since 1995
A service for global professionals · Thursday, April 18, 2024 · 704,570,286 Articles · 3+ Million Readers

ලංකාවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට සිදුකළ ප්‍රකාශය TGTE ඇගයීමට ලක්වේ

NEW YORK, UNITED STATES, June 9, 2023/EINPresswire.com/ -- ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් බව පිළිගැනීම පිළිබඳව දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) සිය ප්‍රසාදය පළකර සිටියි. (මූලාශ්‍රය https://youtu.be/PWsv3pna8w4?t=2326 ).

මෙම කටුක සත්‍යය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම පිළිබඳව TGTE විසින් හිටපු ජනපතිනියට සිය ප්‍රසාදය පළකල ද මෙම අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ වලට ඇය ද වගකිව යුතු බව නොපිළිගැනීම පිළිබඳ විරෝධය දක්වයි. ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට පත්කිරීමට හේතුවූවේ දෙමළ ජන සංහාරයට එරෙහිව දිගුකාලීන හා පවතින ආයතනික රාමුව වෙනස්කම් කිරීම් මෙන්ම දෙමළ ජනයාට එරෙහි රාජ්‍යයේ බරපතල අපරාධවල හේතුකාරක භූමිකාව මුලිනුපුටා නොදැමීමයි.

‘‘ශ්‍රී ලංකාව නිදහස ලබන අවස්ථාව වනවිටත් යටත්විජිත පාලකයින් විසින් වසර 450 ක් පුරා රට විනාශකර තිබියදීත් ලංකාව සතුව හොඳම සමාජ - ආර්ථික දර්ශක කිහිපයක් සතුවුණා. අද නිදහසින් වසර 75 ක් ගතවී තිබියදීත් ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා.‘‘ යුනෙස්කෝ සුහද තානාපති මදන්ජීත් සිං අනුස්මරණ දේශනය අමතමින් හිටපු ජනපතිනි චන්ද්‍රිකා මෙම අදහස් පළකළාය.

හිටපු සිංගප්පූරු ජනාධිපති ලී ක්වාන් යූ ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් 1956 දී පැවසුවේ, එවක පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙස පැවති ශ්‍රී ලංකාව, අනුකරණය කිරීමට අළුතින් ස්ථාපිත කළ සිංගප්පූරුව පවා උත්සහ ගන්නා බවයි. (අකිල් බක්ෂි විසින් රචනා කළ Sri Lanka, Now Cautionary Tale, Was Once a Role Model for the Developing World ලිපිය, 2022 ජූලි 22) රටේ නායකයින්ගේ දූෂිතභාවය නිසා රට අසාර්ථක බවට පත්වී ඇති බව පැවසූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙන්වා දුන්නේ නිදහසින් පසු දුර්වල පාලනයක්පැ වතීම මේ තත්ත්වයට හේතුවී ඇති බවයි. ‘‘සෑම තරාතිරමකම පැතිරුණු දූෂණය‘‘, ‘‘ශ්‍රී ලංකා දේශපාලනයේ ශුභාරංචිය‘‘ බවට පත්ව ඇති අතර අධිකරණය, පොලිසිය හා රාජ්‍ය සේවය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ප්‍රධාන කුළුණු පහළට මෙම දූෂිතභාවය කාන්දු වී ඇත.‘‘

යනුවෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය. හිටපු ජනපතිවරුන් හා ආගමැතිවරුන් බිහිවූ පවුලකින් පැවත එන චන්ද්‍රිකා
කුමාරතුංග මහත්මිය මෙහිදී  අවධාරණය කළේ, අනුප්‍රාප්තික ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයන්ට සුළු ජාතික ප්‍රශ්නය විසඳීමට නොහැකි වීම රට අසාර්ථක රාජ්‍යයක්බ වට පත්වීමට එක් හේතුවක් වූ බවයි. ‘‘එක්සත් බහුත්වවාදී රාජ්‍යයක් පිහිටුවීම සඳහා විවිධ ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් එකට එකතු කිරීමට‘‘ ස්වාධීන ශ්‍රී ලංකාව අසමත් වූ බව ඇය සිය අන්තර්ජාල දේශනයේදී වැඩිදුරටත්පෙ න්වාදුන්නාය.

කෙසේවෙතත්, අනුප්‍රාප්තික ශ්‍රී ලාංකීය නායකයින් අතර පැතිර ගිය දූෂණය රට අසාර්ථක රාජ්‍යයක් බවට පත්වීමට හේතුවූ බවට කුමාරතුංග මහත්මිය විසින්ම පිළිගැනීම TGTE ප්‍රසාදයට හේතු වේ. 1940 ගණන්වල බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය අවසන් වීමෙන් පසු අනුප්‍රාප්තික පාලන තන්ත්‍ර විසින් ශ්‍රී ලංකා දිවයිනේ දෙමළ ජනයා භෞතික හා සංස්කෘතික යන දෙඅංශයෙන්ම පීඩාවට පත් කිරීම මෙන්ම දෙමළ ජනයා සමූල ඝාතනයට ලක්වූ බව සුළු වශයෙන් හෝ නොපිළිගැනීම ගැන TGTE සිය අප්‍රසාදය පළකරයි. දෙමළ ජනතාවට එරෙහිව රටපුරා ව්‍යාප්ත වී ඇති දිගුකාලීන හා අඛණ්ඩ අභ්‍යන්තර වෙනස්කම් කිරීම්ප්‍ රසිද්ධියේ හඳුනාගත යුතු හා ගණන් කළයුතු ප්‍රධාන හේතුව වේ.

කුමාරතුංග මහත්මියගේ දේශනය තුළ කැපී පෙනෙන අතපසුවීමක් වන්නේ හිටපු සිංගප්පූරු ජනාධිපති ලී ක්වාන් යූ 1956 දී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව කළ ප්‍රකාශයට අමතරව 1966 දී තවත් සුවිශේෂී අදහසක් දක්වා තිබේ. එහිදී ඔහු පෙන්වාදුන්නේ දෙමළ ජනතාව ක්‍රියාශීලී හා බුද්ධිමත් පිරිසක් බවත්ඔ වුන් වෙහෙස මහන්සි වී වැඩකළ බවත් සිංහල බහුතරයේ ආධිපත්‍යයේ ප්‍රතිඵලයක් ලෙස තමන්ටම දඬුවම් කළ බවත්ය. හිටපු ජනාධිපති ලී ක්වාන් යූ වැඩිදුරටත් පැවසුවේ දක්ෂතා අඩු සිංහලයන් විසින් දක්ෂතාව වැඩි දෙමළ ජනතාව පහත හෙළන බවයි. (හැන් ෆුක් ක්වෑන්, වොරන් ෆර්නෑන්ඩස් හා සුමිකෝ ටෑන් විසින් රචිත Lee Kuan Yew: The Man and His Ideas කෘතිය. 528 පිටුව).

නිදහසින් පසු ලංකාවේ දෙමළ ජනයා මුහුණදෙන ගැටළුවේ සාරය ජනාධිපති ග්‍රහණය කරගත්තේය. එය සිංහල ජාතිවාදය යි. මේ සම්බන්ධ සුප්‍රසිද්ධ ඇමරිකානු දේශපාලන විචාරක අදහස වන්නේ, ‘‘එය සිංහල ජාතිවාදය නම්අ ඥාණකමයි‘‘ යන්නයි. වෙනත් ප්‍රශ්න ගලා එන ප්‍රශ්න මූලය මෙයයි. ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු උපායමාර්ගික බල ක්‍රීඩාවේ ප්‍රතිඵලයක් ලෙස, ඉන්දීය සම්භවය සහිත මිලියනයකට අධික දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය අහිමි කළේය. දෙමළ ජනයාට වෙනස් කොට සැලකූ 1958 සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීමේ පනත සම්මත කිරීම මෙන්ම 1972 විශ්වවිද්‍යාල ප්‍රවේශ

ප්‍රමිතිකරණය මගින් බහුතර ප්‍රජාවට ප්‍රතිලාභ සැලසීම සඳහා වූ ස්ථිරසාර ක්‍රියාවලියක් බිහිවීම, 1972 – 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කළ වගන්ති මගින් සිංහල බෞද්ධයන්ගේ උත්තරීතරභාවය ආයතන ගතකිරීම, දීර්ඝ මිලිටරි ව්‍යාපාරයේ ම්ලේච්ඡත්වය සමග සිංහල ජාතිවාදයේ ප්‍රකාශනයන් වේ. මේ කිසිවක් සමග දූෂණයට සම්බන්ධයක් නැත.

ඉහත සියලුම උදාහරණවලින් පෙන්නුම් කරන්නේ ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය තුළ දෙමළ ජනයාට කිසිදා ඵලදායී සහභාගීත්වයක් නොතිබූ බව මෙන්ම තවමත්නො මැති බවයි. එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන් විසින් පත්කළ කමිටුව 2011 දී ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ විශේෂඥ මණ්ඩලයේ වාර්තාවේ සඳහන් කරන්නේ, ගැටුමේ මූල හේතුව වන්නේ දෙමළ ජනයා දේශපාලන ක්‍රියාවලියෙන් බැහැර කර හුදකලා කර තිබීම බවයි.

විශේෂයෙන්ම, ‘‘ජනතාව දේශපාලන ක්‍රියාවලියට ඵලදායී ලෙස සහභාගී වීම ප්‍රතික්ෂේප කරනු ලැබූ විට, ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමට ඔවුන්ට අයිතියක්
ඇත‘‘ යනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව 2625 (1970) යටතේ සාම්ප්‍රදායික ජාත්‍යන්තර නීතිය තුළ දක්වා ඇත.

ක්විබෙක් හි ඒකපාර්ශ්වික ස්වාධීන තීරණය පිළිබඳ තීන්දුවේ සඳහන් පරිදි කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ස්ථාවරය ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ නිදහස ලබාගැනීමෙන් අනතුරුව රාජ්‍ය අනුග්‍රහය යටතේ යටත්විජිතකරණය ආරම්භ කළ අතර එය අනුප්‍රාප්තික ලංකා රජයන් යටතේ පැවතුණි. මෙම උපායමාර්ගික ආණ්ඩු ඵෙතිහාසික දෙමළ නිජබිම්, දෙමළ නොවන ජනයාගෙන් පිරවූ අතර වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පවා මේ කටයුත්ත එලෙසින්ම සිදුවෙමින් පවතියි. නැගෙනහිර පළාතේ ජීවත් වූ සිංහල ජනගහනය 1948 දී 1% කට අඩු ප්‍රමාණයක්ව පැවති අතර අද වනවිට එය 29 % ක් දක්වා වර්ධනය වී තිබීම ද මෙහිදී සැලකිය යුතු කරුණකි. ඉහත දැක්වූවේ සිංහල
ජාතිවාදයේ තවත් එක් මුහුණුවරක් පමණි.

ඕනෑම ආකාරයක බලය බෙදාගැනීමේ ගිවිසුම් සුණුවිසුණු කිරීමට රාජ්‍යයන්හි තාමතා ක්‍රියා කළ ආකාරය බණ්ඩා - චෙල්වා ගිවිසුමෙන් පටන්ගෙන, ඩඩ්ලි - චෙල්වා ගිවිසුම හරහා අඛණ්ඩව, එල්ටීටීඊ ය හා ශ්‍රී ලංකා රජය අතර සාම සාකච්ඡා හා පශ්චාත් සුනාමි මෙහෙයුම් යාන්ත්‍රණය (PTOMs) ආදියෙන් පිළිබිඹු වේ. මෙය සිංහල ජාතිවාදයේ වෙනත් මුහුණුවරකි. ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ජාතික නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සිය ඵෙතිහාසික සුතුමලෛයි දේශනයේදී පැවසුවේ, ‘‘සිංහල ජාතිවාදය මෙම ගිවිසුම කා දමන කාලය වැඩි ඈතක නොවේ‘‘ යන්නයි.

(ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම පිළිබඳ, වේළුපිල්ලේ ප්‍රභාකරන් පළකල අදහස. 1987 අගෝස්තු 4). සැබැවින්ම, ඔහු කෙතරම් නම් අනාවැකි කී අයෙක්ද. කටුක සත්‍යය නම් ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් පමණක් නොව ‘තක්කඩි‘ රාජ්‍යයක් ද වීමයි. දිවයින තුළ 1958 – 2006 වසර දක්වා දිවයින තුළ දෙමළ විරෝධී සංහාර 156 කට වැඩි ප්‍රමාණයක් ඇතිවූ අතර එය 2009 මුල්ලිවයික්කාල්ජ න සංහාරය සමග අවසන් විය. මේ සමූලඝාතනය සිදුවී වසර 14කට වැඩි කාලයක් ගතවී ඇතත්, මේ කිසිදු ම්ලේච්ඡ අපරාධයකට කිසිවෙකු නීතිය හමුවට පමුණුවා නැත. මෙය සිංහල ජාතිවාදයේ තවත් එක් මුහුණුවරකි.

නාවාලි පල්ලිය හා නගර් කෝවිල් පාසලට එල්ල වූ බෝම්බ ප්‍රහාරය යන දෙකම සිදුවූවේ ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ධූරයේ සිටින අවදියේදී ය. ඇය මෙම
සමූල ඝාතනවලට සම්බන්ධ වූ ජෙනරාල්වරුන් සමග සෘජුවම පරිපාලනය කටයුතු සිදුකළ බව වාර්තා වේ. මෙම යුද අපරාධ සම්බන්ධයෙන් විධිමත්ව ගවීමේ ක්‍රියාවලියක් ගෙනඒමට ඇයට අවශ්‍ය වී තිබූ බව තරමක්දුරට පිළිගත හැකිය. එසේ නොකිරීමෙන් ඇය ද සිංහල ජාතිවාදී රකුසාට වහල් වූ බවට සාධාරණ නිගමනයක් එළඹේ.

ජාත්‍යන්තරය විසින් හෙළා දකින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මානව හිමිකම් සහ මූලික නිදහස ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත්ජා තීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් මහතා විශේෂකොට ඇත. එහිදී ඔහු පෙන්වාදෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීම දෙමළ ජනයාට අසමාන ලෙස බලපාන බවයි, එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ විනිසුරුවරුන් 17 දෙනා විසින් වදහිංසාවට ලක්වූවෙකුට පක්ෂව, ශ්‍රී ලංකා රජයට එරෙහිව පසුගියදා ඒකමතිකව තීන්දුවක් ලබාදුණි.

ශ්‍රී ලංකා බලධාරීන්වි සින් නීතිරෝධී ලෙස රඳවා තබාගෙන බිහිසුණු වද බන්ධන වලට ලක්වූ හිටපු එල්ටීටීඊ දෙමළ වින්දිතයා අංශභාගය මෙන්ම සදාකාලික ආබාධිතයෙකු බවට ද පත්වූවේය. මෙය ද සිංහල ජාතිවාදයේ තවත් එක් මුහුණුවරකි. (එක්සත්ජා තීන්ගේ විශේෂඥ කමිටුව සොයාගත් කරුණු ඇසුරෙන් Sri Lanka Routinely Tortures
Security Suspects Amid Stalled Reform Process නමින් OHCHR මගින් 2017 ජූලි 18 වැනිදා ප්‍රකාශයට පත්කර ඇත.) දෙමළ ජනයා ‘සුළු ජාතියක්‘ නොව ජාතියක් බවට වූ පිළිගැනීම හිමිකරගැනීමට 30 වසරක් පුරා දියත් කළ දීර්ඝ සන්නද්ධ ගැටුමේ අවසන් මාස 06 තුළ දෙමළ ජාතිකයින් 70000 ක් පමණ රජය මගින් ඝාතනය වූ බව එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර සමාලෝචන වාර්තාව පෙන්වාදෙයි.

TGTE මේ පිළිබඳ වැඩිදුරටත්අ වධාරණය කිරීමට කැමතිය. හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග දමිළ ජනතාව පිළිබඳ පැහැදිලි කිරීමට ‘සුළුතරය‘ යන වචනය නැවත නැවතත් භාවිත කිරීම සිංහල ජාතිවාදයේ තවත් එක් මුහුණුවරකි. එය ඉතා අප්‍රසන්නය. ශ්‍රී ලංකාව බහු වාර්ගික - බහුවිධ සමාජයක් නොවේ. සැබැවින්ම, එය ගැඹුරින් බෙදී ඇති රටකි. සිංහල ජාතිවාදය, ශ්‍රී ලාංකීය රාජ්‍යයම ගිලගනිමින් සිටින අතර එය තවදුරටත්එ ක් රටක් ලෙස පවතින්නට ඉඩ නොදෙයි.

සිංගප්පූරුවේ හිටපු ජනාධිපති ලී ක්වාන් යූ පැවසූ තවත් එක් අදහසකින් මෙම සටහන අවසන් කිරීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකාව නැවත කිසි දිනෙක රට එකට එකතු නොකරනු ඇත, යනුවෙන් 1998 දී ඔහු පැවසුවේය. (හැන් ෆුක් ක්වෑන්, වොරන් ෆර්නෑන්ඩස් හා සුමිකෝ ටෑන් විසින් රචිත Lee Kuan Yew: The Man and His Ideas කෘතිය. 2015 අගෝස්තු 7)

TGTE Appreciates Former Sri Lankan President Kumaratunga’s Unprecedented Admission that Sri Lanka is a Failed State
https://www.einpresswire.com/article/638409490/tgte-appreciates-former-sri-lankan-president-kumaratunga-s-unprecedented-admission-that-sri-lanka-is-a-failed-state


* දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) පිළිබඳ - Transnational Government of Tamil Eelam (TGTE)

දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) යනු ලොවපුරා රටවල් කිහිපයක වෙසෙන මිලියනයකට අධික (ශ්‍රී ලංකා දිවයිනේ) දෙමළ ජාතිකයින් විසින්ප්‍ රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ රජයකි. ශ්‍රී ලංකා රජය විසින් 2009 දී දෙමළ ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීමෙන් පසුව TGTE පිහිටුවන ලදී.

TGTE විසින් තුන් වතාවක් ජාත්‍යන්තරව අධීක්ෂණය කරන ලද මැතිවරණය ලොවපුරා දෙමළ ජනතාව අතර පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 135 දෙනෙකු තෝරාපත් කරගැනීම මෙහිදී සිදුවෙයි. මෙම පාර්ලිමේන්තුවේ සභ‍ා දෙකක් ඇති අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් සභාව හා කැබිනට්ම ණ්ඩලයෙන් එය සමන්විත වේ. TGTE ප්‍රජාතන්ත්‍රවාදී හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේ ව්‍යාපාරයක් මෙහෙයවන අතර එහි ව්‍යවස්ථාව මගින් මෙහි දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගත යුත්තේ සාමකාමී මාර්ගවලින් පමණක් දැඩිව විශ්වාස කරයි. එය ජාතිකත්වය, නිජබිම හා ස්වයං නිර්ණය යන මූලධර්ම මත පදනම් වේ.

TGTE උත්සහ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීමෙන් යුතුව යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ දෙමළ ජනතාවට එරෙහි සමූලඝාතන සිදුකළ අපරාධකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමටයි. දෙමළ ජනතාවගේ දේශපාලන

අනාගතය තීරණය කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව TGTE අවධාරණය කරයි.

TGTE හි අග්‍රාමාත්‍යවරයා වන්නේ නිව්යෝර්ක්හි නීතිඥවරයෙකු වන විශ්වනාදන්රු ද්‍රකුමාරන් මහතාය.

ට්වීටර් - @TGTE_PMO
ඊමේල් - pmo@tgte.org

Visuvanathan Rudrakumaran
Transnational Government of Tamil Eelam (TGTE)
+1 614-202-3377
r.thave@tgte.org

Powered by EIN Presswire


EIN Presswire does not exercise editorial control over third-party content provided, uploaded, published, or distributed by users of EIN Presswire. We are a distributor, not a publisher, of 3rd party content. Such content may contain the views, opinions, statements, offers, and other material of the respective users, suppliers, participants, or authors.

Submit your press release